Home » නව රජයේ අල්ලස් හා දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියාව අගය කරයි

නව රජයේ අල්ලස් හා දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියාව අගය කරයි

by yasara
November 27, 2024 4:58 pm 0 comment

අල්ලස් දූෂණවලින් තොර  නව රජයේ  වැඩපිළිවෙළ ආයෝජකයින්  ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)  මහතා  ප්‍රකාශ  කළේය.

අල්ලස් හා දූෂණයෙන් තොර යාන්ත්‍රණයක් රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)  මහතා මේ බව සදහන් කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා  ජනාධිපති කාර්යාලයේ අද (27)  හමු වූ අවස්ථාවේදීය.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

ජාතික ආරක්‍ෂාව,  සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය  අංශය නවීකරණය , වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙළ අගය කළ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා  ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය  සහාය ලබා දීමට ද කටයුතු කරන  බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur ) ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT