Home » කාර්තිව් ට්‍රැක්ටර් අනතුර : අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමුවෙයි

කාර්තිව් ට්‍රැක්ටර් අනතුර : අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමුවෙයි

by chanaka
November 27, 2024 2:11 pm 0 comment

අම්පාර කාර්තිව් ප්‍රදේශයේදී ඊයේ (26) සැඩ පහරට හසුවී ගසාගෙන ගිය ට්‍රැක්ටර් රථයේ සිටි සිසුන් අතුරින් අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

ඊයේ සවස නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී තිබුණේ සැඩ පහරට හසුවයි.

එම ට්‍රැක්ටරයේ ළමුන් 11 දෙනෙක්, රියදුරා සහ තවත් අයෙක් ගමන්කරමින් සිට ඇති අතර ජලයට වැටුණු ළමයි 5 දෙනෙක් අසල සිටි පිරිස් විසින් බේරාගෙන තිබුණි.

ඉන් අතුරුදන්ව සිටි එක් ළමයෙකුගේ සිරුරක් ඒ අනුව අද සොයාගෙන ඇති අතර අනෙක් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

ඒ අනුව ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් කලාපය තුළ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, අනතුරුදායක තත්ත්වයන් තුළ ගමන් කිරීමෙන් වළකින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටින බව නිලධාරීන් ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT