Friday, May 2, 2025
Home » ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

by chanaka
November 27, 2024 4:42 pm 0 comment

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කර ඇත.

අදාළ නියෝගය නිකුත් කර තිබෙන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද(27) කැඳවූ අතර, එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම්දී තිබුණේ, ඔවුන් විදේශ ගතව සිටින බවයි.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය.

අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT