Home » හිටපු කැබිනට් ඇමතිවරු 04ක් CIDයට

හිටපු කැබිනට් ඇමතිවරු 04ක් CIDයට

by chanaka
November 27, 2024 4:43 pm 0 comment

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (27) ​අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.

එන්නත් ගෙන්වීමට අනුමැතිය ලබා දුන් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙලෙස හිටපු අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව අද දිනයේදි විජයදාස රාජපක්ෂ, නලීන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන හිටපු අමාත්‍යවරුන් මෙලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT