Tuesday, May 13, 2025
Home » 2025 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්

2025 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්

by sachintha
November 27, 2024 12:13 am 0 comment

එළැඹෙන වසරේ මුල් මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ විවාදය එළැඹෙන මස 05 සහ 06 දෙදින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී දින නියම කර ගත් බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා (21) අභිනව පාර්ලිමේන්තුව රැස් වූ නමුත්, 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළව ව්‍යවස්ථාපිතව නියම වී ඇති පියවර අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොපවතින අතර එබැවින්, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 23(1) අනුවගන්තියෙහි දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ මුල් මාස 04ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇති බව ඒ මහතා කියා සිටියේය.

රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ වියදම් ද ඇතුළුව 2025 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඒ මහතා කීවේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT