Home » අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

by chanaka
November 27, 2024 2:19 pm 0 comment

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසීය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී තිබේ.

ඒ සමඟ සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පවසයි.

කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේදී දුම්රිය මාර්ග සංචාරක මුරකරු එය දැක ඒ පිළිබඳව කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක් නතර කර තිබේ.

පසුව දුම්රිය මාර්ගයට වැටී තිබු කසළ කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කළ බව ඉංජිනේරුවරයා කියාසිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT