කැප්පෙටිපොල සිට බොරලන්ද දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ බෝගහකුඹුර පොලිස් ස්ථානය ආසන්නයේ දී අද ( 27) දහවල් කාර් රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයටකට පෙරලියාමෙන් එකම පවුලේ 04ක් තුවාල ලබා බෝගහකුඹුර රෝහලට ඇතුලත්කළ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාව මැද රත්නපුර ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා ගමන් කරමින් සිටි එකම පවුලේ සිව් දෙනෙකු ගමන් ගත් කාර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
මෙම මෝටර් රථය බෝගහකුඹුර පොලිස් ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබේ.
බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් හා ප්‍රදේශවාසින් එක්ව අනතුරට පත් කාර් රථය තුල සිටි පිරිස වහා පිටතට ගෙන ප්‍රතිකාර සදහා බෝගහකුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.
අනතුරින් කාර් රථයේ ගමන් ගත් මව , පියා සහ දරුවන් දෙදෙනා මෙලෙස තුවාල ලබා තිබේ.
අනතුරින් කාර් රථයටද දැඩි හානි සිදුව ඇති අතර අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
බෝගහකුඹුර පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.