Tuesday, May 13, 2025
Home » ගඟ ඉහළ බලප්‍රදේශයේ මාර්ග රැසක කානු අවහිරවී කැලෑවෙන් වැහිලා

ගඟ ඉහළ බලප්‍රදේශයේ මාර්ග රැසක කානු අවහිරවී කැලෑවෙන් වැහිලා

-කඩිනමින් සුද්ධ පවිත්‍ර කර දෙන්නැයි ගම්මුන්ගෙන් ඉල්ලීම්

by sachintha
November 27, 2024 12:40 am 0 comment

නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග රැසක් කැලෑවට යටවී කානු ගොඩවී වාහනයක් හෝ පාගමනින්වත් යෑමට නොහැකි තත්වයට පත්ව ඇත. ගම්වාසීන් විසින් මේ සම්බන්ධව කිහිපවිටක් මධ්‍යම පළාත් සභාවට හා මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නත් මේ වන තෙක් තිසිදු ප්‍රතිඵලයක් නැත. අනතුරක් සිදු වී දේපළ හා ජීවිත විනාශ වෙනකම්ද නිලධාරීන් බලා සිටින්නේ යැයි ග්‍රාම නිලධාරි වසම් 25ක ජනතාව විමසති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ උඩුවැල්ල කේ.එන්. සෝමාවතී මහත්මිය,

උඩුවැල්ල සුහද ගම මාර්ගය යටපාන හන්දියේ සිට උඩුවැල්ල දක්වා මාර්ගය දෙපස කැලේට යටවී කානු ගොඩවී ඇත. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියට, මධ්‍යම පළාත් සභාවට, ගඟ ඉහළ ප්‍රාදේශීය සභාවට දැන්වූවත් ප්‍රතිඵල නැත. මෙම නිසා සේනාධිකාරි ජාතික පාසලේ සහ උඩුවැල්ල විදුහලේ සිසු දරුවන්ගේ හා දෙමව්පියක්ගේ ජීවිත අනතුරකට අතවනයි. බලධාරීන් කොපමණ දැනුවත් කරත් ප්‍රතිඵල නැත. අප ඉල්ලා සිටින්නේ කානු ගොඩදමා දෙපස සුද්ධකර සංවර්ධනය කර ජීවිත හා දේපළ හානිවලින් බෙරා දෙන ලෙසයි.

ගඟ ඉහළ සමූහ – ජගත් ජනප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT