32
ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර අවශ්‍යතා සම්පූර්ණ කරමින් දිසාපති කාර්යාල සුභසාධක සංගමය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පෙරේදා (25) දිසාපති කාර්යාල සංකීර්ණයේදී පැවැත්වුණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සුභසාධක සංගමයේ අනුශාසක දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත හත්වන වරටත් මෙම වැඩසටහන පැවැත්වූ බව එම සුභසාධක සංගමයේ සභාපති දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරු සිංහ එච්. සංජීව මහතා පැවැසීය. දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රදේශවාසීන් මෙහිදී රුධිර පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබුණි.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව