Home » මුද්ද­රයේ සිටම තුරන් කළ යුතුය

මුද්ද­රයේ සිටම තුරන් කළ යුතුය

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

 අහස් ගඟ එක­වර බිමට පාත් වූවා වැනි හැඟී­මක් රටේ දිස්ත්‍රික්ක ගණ­නා­වක් දැන් අත්වි­ඳි­න්නේය. කුඩ­ලි­ගම කවියා සේ මෙම වැස්ස බලා මොන­රෙ­කුට වඩා ආඩ­ම්බ­ර­යක් අපට ළඟා කර ගත නොහැක. එවන් ආස්ථා­න­යක මේ ජන ජීවි­තය නැත. වැස්ස ආර්ථික අතින් ලාභ­දායී පරි­ස­ර­යක් ඇති කරන ස්ථාන තිබේ. ජල විදු­ලිය සඳහා ජලාශ පිටාර ගලා යෑම අව­ශ්‍යය. වසරේ මුල් මාස කිහි­පය සැර­ටම පායන්නේ බැවින්, මේ කාලයේ ජලාශ පිරී ඉතිරී යෑම අව­ශ්‍යය ය. පෑවිල්ල වගා පාළුවේ සාධ­ක­යක් හෙයින් ඒ සඳහා ද පිළි­ය­මක් කල් ඇති­වම වැස්ස ලබා දෙන්නේය. වැව් පිරී ඉතිරී ගිය කල රජ­රට ගොවියා වෙත, අති­රේක ජල කඳ, වැව් දිය ලෙස ගබඩා වී ඇත්තේ හෙයින්, ඒ මත්තේ ඊළඟ කන්නය සඳහා වූ බලා­පො­රො­ත්තුව තැබිය හැකිය.

එහෙව් වැසි  දිය කඳ, අප වෙත ළඟා වෙන ආකා­රය අනුව එයින් සැලෙ­සෙන වාසි අවාසි ශේෂ පත්‍ර ගත­ ව­න්නේය. මේ දින කිහි­පයේ අප අත්ද­කින ලද්දේ, එපා වෙන්නම වැසි දිය රට ඇතු­ළට පහත් වෙන අන්ද­මය. ජන ජීවි­තය එහෙම් පිටින්ම වැස්ස නිසා අඩාළ වී ගොසිනි. මහ වැව් පිටාර ගලන්නේ, ගම් නියම් ගම් සපු­රාම තෙත බරිත කර­ව­මිනි. ගෙයක් ගානේ ද මෙහි ප්‍රති­ඵල විඳී­මට සිදුව ඇත්තේය. උසස් පෙළ විභා­ගය දින තුන­කට කල් දමන ලද්දේ ළමෝ විභා­ගය සඳහා සේන්දු වූයේ බෝට්ටු සේවා ආදියේ උදව් පදව් ආදිය ලබා­ගෙන බැවිණි.

රටේ සකල විධ ක්‍රියා පිළි­වෙ­ත­ටම වැස්ස සමඟ අනු­ගත වීමට සිදුව ඇත්තේය. අනෝරා වැස්ස මැද්දේ, වට­රැක, හල්බ­රාව පැත්තේ කුඩු ගබ­ඩා­වක් වට­ලෑ­මට විශේෂ කාර්ය බළ­කාය කට­යුතු කළේය. තොගයේ අයි­ති­කරු, වැඩේ මහා පරි­මා­ණ­යෙන්මැ සිදු කර­ගෙන යන, උනා­කූ­රුවේ ශාන්තය. නම හුරු නැති වුවද මේ ආදී ලෙස රට පුරා සිටින සැඟ­වුණු අමු­ත්තන් බොහෝ ගණ­නා­වක් වෙත්. දැන් කාලයේ වැඩේ සිද්ධ වන්නේ ඩුබායි හෝ යුරෝ­පයේ සිට දුරස්ථ පාල­ක­යෙන් බැවින්, අලෙවි නියෝ­ජි­තයෝ මිස, ප්‍රධාන සමා­ගම පිළි­බ­ඳව හාංක­වි­සි­යක් හෝ විස්තර දත නොහේය. ශාන්ත නම් වූ හෙතෙම රටේ පැත්තක් ක්ලාන්ත කර­වන තර­මට විෂ බෙදා හරි­න්නෙකි. මිරිස් කුඩු පැකට් කර විකි­ණීම සඳහා ගිය ද මේ රටේ හැම තැනම බාධක වුවද උඩ අතු සඳහා යහ­මින් සංග්‍රහ කරන බැවින් ශාන්තලා සඳහා බාධක ඇත්තේම නැත.

මේ වෙළ­ඳාම අදි­යර කිහි­ප­ය­කින් යුක්තය. සම්බ­න්ධ­කම් ජාලය ගොඩ­නඟා ගෙන,  පළ­මුව ඇණ­වුම භාර දෙන්නේය. පොදු සමුද්‍ර කලා­ප­යට නැවෙන් ද ගොඩ­බි­මට කිට්ටු වෙත්ම බෝට්ටු­වෙන් ද බඩු බෙදා හැරීම සිද්ධ වන්නේය. වෙරළ තීර­යේදී බඩු භාර ගැනීම සඳහා වෙනම නඩ­යක් ඇත. එතැන් සිට ස්ථාන ගණ­නා­වක් සඳහා අවශ්‍ය කිලෝ ග්‍රෑම් ප්‍රමා­ණය බෙදා දෙන්නේය. අව­සාන පාරි­භෝ­ගි­කයා සඳහා බඩු ලබා­දීම, පළාත් අලෙවි නියෝ­ජි­තයා සතු ජාලය මඟින් සිදු කරනු ලබයි. මහ තොගයේ සිට කුඩා පැක­ට්ටුව දක්වාම අදාළ ස්ථාන සඳහා බලය ඇති පිරි­සගේ රැක­ව­ර­ණය ලැබෙන අතර, ඒ සඳහා වන සේවා ගාස්තුව බැංකු ගිණුම් වෙත ලබා­දෙන ආකා­ර­යක් ඇත.

මේ ආකා­ර­යට වසර ගණ­නා­වක් සිදු කළ වෙළ­ඳාම සඳහා මාස­යක පමණ සිට බාල්දි පෙරළී ඇති බව පෙනේ. පෙරේදා ශාන්ත­ගෙන් අල්ලා ගත් තොගයේ වටි­නා­කම, රුපි­යල් කෝටි 150කට අධි­කය. අයිස් සහ හෙරො­යින් කිලෝ 72ක්, ඒ බල්ක් එකේ විය.

රුපි­යල් කෝටි පන්සි­ය­යක වෙළෙඳපොළ වටි­නා­ක­මක් සහිත කුඩු තොග­යක් ගිය සතියේ ගන්දර පොලී­සිය අල්ලා ගත්තේය. මුහුදු මාර්ගය ඔස්සේ ආ මෙම තොගය, ප්‍රාදේ­ශීය පොලී­සි­යක් අල්ලා ගත් ලොකුම ලෝඩ් එක බැවින්, ඒ කෙරෙහි අප අව­ධා­නය යොමු කළ යුත්තේය. මාල­යක් කඩා­ගෙන දුවන හොරෙක් ඇල්ලීම පිණිස රාළ­හාමි දිව යන්නේ, පළාතේ පොලිස් ලොක්කාට ඇම­තු­මක් ලබාදී අව­සර ලබා ගෙන නොවේ. සිමෙන්ති කොට්ට සේ එන කුඩු තොග­යක් පිළි­බ­ඳව ආරං­චි­යක් ලද විට, එය වැට­ලීම සඳහා, ඉහළ පුටු­වල අව­ස­රය ගැනීම සාමාන්‍ය සිරි­තය. හතර අත­ටම ගාස්තු ගෙවන බැවින්, මෙම අව­සර ගැනීම් කළ යුතු බව පහළ පොලිස් ඉව දන්නේය. ඊළ­ඟට, දේශ­පා­ලන රැක­ව­රණ ලැබී­මය. හැම සාර්ථක දේශ­පා­ල­ක­යෙක්ම පිටු­ප­සම, මේ ජාතියේ ජාවා­ර­ම්කා­ර­යෙක් සිටිය යුතු බව, ඒ කාලයේ කතාව විය. දැන් ඒ තානය සපු­රාම වෙනස්ව ඇත්තේය. දෙසිය විසි­පහ සුද්ධ වීම හේතු­වෙන් කුඩු ජාවා­රම්මු ප්‍රධාන ජාවා­රම් කල්ලි සඳහා ඔළු­ව­ටම පහර වැදී අව­සන්ය. රට පුරා අඬ­බෙර ගසා සිදු කළ සම­හර මෙහෙ­යුම් මඟින් අල්ලා ගත්තේ, අව­සාන පාරි­භෝ­ගි­කයා ය. එසේ වූවා කියා වෙළ­ඳා­මට පාඩු­වක් සිදු වූයේ නැත.

දැන් අහු­වන්නේ තොග මුද­ලා­ලි­ලාය.

මේ දින­වල සුළි කුණා­ටු­වක් හේතු­වෙන් වැස්සෙන් තෙත බරි­තව සිටින අපගේ අපේ­ක්ෂාව මත්ද්‍ර­වය ඇල්ලීම සඳහා ද එවන් කුණා­ටු­වක් ආ යුතු බවය. දැන් වැඩේ පටන් ගෙන තිබේ. මේ රටේ ජනයා සඳහා ලස්සන ජීවි­ත­යක් සාක්ෂාත් කර දීමේ පළමු අව­ස්ථාව උදා­වන්නේ මතෙන් තොර සමා­ජ­යක් නිර්මා­ණය කළ කල්හිය.

පොඩි එකා ඉස්කෝලේ එන්නේ ද මුද්ද­ර­යක් කෑමෙන් පසුය. මීට වසර තිහ­කට පෙර ළමා පර­පුර ආශා කළේ තැපැල් කන්තෝ­රු­වෙන් මුද්ද­ර­යක් ගෙන, එහි ඛේටය ගා, කව­රයේ ඇල­වී­ම­ටය. මේ මුද්දර වනාහි මත් මාත්‍රාවකි.පාසල අසල කඩ­යෙන් ද මුද්දර ලබා­ගැ­නීම පහ­සුය. මෙසේ නාස්ති වන්නේ රටේ ලස්සන ජීවි­තය. ඒ සඳහා නිමා­වක් සට­හන් කළ හැකි එකම අව­ස්ථාව මෙය බැවින්, රටෙන් ඔය දහ ජරාව තුරන් කිරීම සඳහා ආණ්ඩුව තව තවත් අනු­ග්‍ර­හය ලබා­දිය යුතු බව, වැව් පිටාර ගලන මේ මොහොතේ දින­මිණ ලියා දැන්වී­මට කැම­තිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT