Home » සුළි කුණා­ටුව ඉන්දි­යාව දෙසට…

සුළි කුණා­ටුව ඉන්දි­යාව දෙසට…

by Gayan Abeykoon
November 28, 2024 1:30 am 0 comment

බෙංගා­ල­බොක්කේ අව­පී­ඩ­නය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී ඇත. සුළඟේ වේගය පැයට කි.මී. 90ට වැඩිය. අහස වැහි­බ­රය. අධික වර්ෂාව නිසා A/L විභා­ගය දින තුන­කට අත්හි­ටුවා ඇත. කුඹුරු අක්කර දහස් ගණ­නක් ගංව­තු­රෙන් යටවී තිබේ. නිවාස කඩා වැටී ඇත. තත්ත්වය භයා­න­කය. කෙසේ වුව කරුණු දෙකක් සතු­ටු­දා­ය­කය. එනම්, වර්ෂාව හා සුළි කුණා­ටුව කෙමෙන් බැහැර යන්නට පට­න්ගෙන ඇති බව හා සියලු කණ්ඩා­යම් අනා­ථ­වූ­වන්ට උප­කාර කිරීම සඳහා පාරට බැස ඇති බව වාර්තා වීමය.

කාල­ගු­ණික විප­ර්යාස නිසා සමස්ත ලෝක­යම අවු­ලට ගොස් තිබේ. මානව වර්ග­යාගේ මෙන්ම සමස්ත ජීව පද්ධ­ති­යේම පැවැ­ත්මට අභි­යෝ­ග­යක් ලෙස කාල­ගු­ණයේ රිද්මය වෙනස් වී ඇත. මෙහි කැපී­පෙ­නෙන ලක්ෂණ කිහි­ප­යක් සඳ­හන්  කළ යුතුය.

(i)            ජන ජීවි­තයේ දෛනික කට­යුතු අවුල් වී ඇත.

(ii)           ආහාර නිෂ්පා­ද­න­යට බල­වත් හානි­වීම සිදු­වීම හා ඉදි­රි­යේදී ආහාර හිඟ­යක් ඇති­වී­මට ඉඩ පෑදීම

(iii)          ප්‍රවා­හන, ගම­නා­ග­මන, සංචා­රක කට­යුතු අවුල්ය. ආදා­යම් මාර්ග­ව­ලට බාධා, ධීවර කට­යුතු අඩ­පණ වෙයි.

(iv)          විධි­මත් අධ්‍යා­ප­නයේ විභාග රටා­වට බාධා, පාසල් පව­ත්වා­ගත නොහැ­කි­වීම, අම­තර පන්ති හා වෘත්තීය පුහුණු යන සියලු ක්ෂේත්‍ර අඩ­පණ වීම.

(v)           නිෂ්පා­දන කර්මාන්ත, අප­න­යන ක්ෂේත්‍රය, සංචා­රක කර්මා­න්තය අවුල් වෙයි. කලා­ක­රු­වන්ගේ ප්‍රසංග ජීවි­තය නතර වී ඇත. ආදා­යම් නතර වී ඇත.

(vi)          රාජ්‍ය ආදා­යම් පහ­ළට යන අතර, ස්වාභා­වික විපත් සඳහා වන්දි ගෙවීම ඇතුළු වෙනත් විය­දම් දිගින් දිග­ටම ඉහළ යයි. මෙය රාජ්‍ය­ය­න්වල මූල්‍ය කට­යුතු අවුල් කිරී­මට සමත්වී ඇත.

(vii)         ගොඩ­නැ­ඟිලි කඩා වැටීම, යටි­තල පහ­සු­කම් බිඳ­වැ­ටීම හා ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ මන්ද­න­යක් ද දැක­ගත හැකිය.

හැම අතින්ම දැක­ගත හැක්කේ රජයේ විය­දම් අධික ලෙස ඉහළ යෑමක් හා ආදා­යම් බර­ප­තළ ලෙස පහ­ළට වැටී­මකි. ආර්ථික අර්බුද පව­තින රට­ව­ලට මෙය දරා­ගත නොහැකි තත්ත්ව­යක් වනු ඇත.

* පල­ස්තී­නයේ නැත­හොත් ගාසා තීරයේ සර­ණා­ගත කඳ­වු­රු­ව­ලට වැසි ජලය එක­තුවී තිබේ. එහි තාව­කා­ලික කඳ­වුරු මිහි­පිට අපා­යන් බවට පත්වී ඇත. කඳ­වු­රු­වල රෝගීන්ගේ තත්ත්වය අන්තිම නර­කය. දරු­වන් මෙන්ම කාන්තා­වන් ද මුහු­ණදී ඇත්තේ බල­වත් ඛේද­වා­ච­ක­ය­ක­ටය. ඒ අතර නෙත­න්යාහු එම කඳ­වු­රු­ව­ලට ගුව­නින් බෝම්බ ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර හා මිස­යිල් ප්‍රහාර එල්ල කරන අතර, ගොඩ­බි­මින් කාල­තු­වක්කු ප්‍රහා­රද එල්ල කරයි. මෙය බල­වත් මානු­ෂික ඛේද­වා­ච­ක­යකි.

  • බොලී­වි­යාවේ ලාපාස් ප්‍රදේ­ශය වැසි වතු­රෙන් යටවී ඇත. ජන ජීවි­තය මුළු­ම­නින්ම අවු­ල්ස­හ­ග­තය. නිවාස විශාල ප්‍රමා­ණ­යක් විනා­ශවී ගොසිනි. ආර්ථික අතින් පසු­බෑ­ම­කට ලක්වී සිටින බොලී­වි­යා­වට මේ තත්ත්වය දරා­ගත නොහැ­කිය.
  • ලොව වැඩිම සර­ණා­ග­ත­යන් පිරි­සක් සිටින රට හැටි­යට සුඩා­නය සැලකේ. එම රටට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය යවන ආධාර අත­ර­ම­ඟදී කොල්ල­කනු ලැබේ. සර­ණා­ග­ත­යන්ගේ සංඛ්‍යාව මිලි­යන 25කි. රටේ මුළු ජන­ග­හ­නය මිලි­යන 45ක් පම­ණය. ඉන් අඩක්ම බඩ­ගින්නේ පසු­වෙති. සුඩා­න­යෙහි ඩාර්පූර් නග­රය ඇතුළු ප්‍රදේශ රැසක මරා­න්තික සාග­ත­යක් පැති­ර­යා­මට පට­න්ගෙන තිබේ. දුප්ප­ත්ක­මෙන් හා වියළි දේශ­ගු­ණ­යෙන් විශේ­ෂ­යෙන් නිය­ඟ­යෙන් පීඩා විඳින සුඩා­න­ය­ටද වැසි­වාර ගලා­ගි­යේය. කඳ­වුරු මුළු­ම­නින්ම පාහේ බිමට සම­තලා විය. දැන් එහි ඇත්තේ මර­ණය හා බඩ­ගින්න පමණි.

ශ්‍රී ලංකාව දින කිහි­ප­යක සිට මුහුණ දෙන්නේ ධාරා­නි­පාත වර්ෂා­ව­ක­ටය. ඉදිරි දින කිහි­පය තුළ ද දිස්ත්‍රික්ක කිහි­ප­ය­කම මි.මී. 200කට අධික වැසි දෛනි­කව ලැබෙන බව කාල­ගුණ විද්‍යා අනා­වැ­කි­වල සඳ­හන්ය. දිස්ත්‍රික්ක දහ­යක තත්ත්වය අති­ශය නරක බව ප්‍රකාශ වී ඇත. ගාල්ල, මාතර, හම්බ­න්තොට, රත්න­පුර, කෑගල්ල, නුව­ර­එ­ළිය, අනු­රා­ධ­පු­රය, පොළො­න්න­රුව, පුත්ත­ලම, මන්නා­රම යනාදී ලෙස එම දිස්ත්‍රික්ක හඳු­නා­ගත හැකිය. සිදුවී ඇති විනා­ශය තවම ගණ­නය කර නැති අතර, බැලූ බැල්මට පෙනෙන දේවල් කිහි­ප­යක් ගැන කිය­න්නට පුළු­වන.

(i)            කුඹුරු අක්කර දහස් ගණ­නක් වැසි දියෙන්, ගංව­තු­රෙන් යටවී ඇත.

(ii)           එළ­වළු, පල­තුරු, සුළු අප­න­යන භෝග අලෙවි කර­ගත නොහැ­කිව විනා­ශ­යට යයි.

(iii)          මේ වසරේ කෘෂි­ක­ර්මය මුළු­ම­නින්ම පරා­ජි­තය. ගොවි­යාට වන්දි ලබා­දීම සඳහා විශාල මුද­ලක් යෙද­වී­මට සිදු­වනු ඇත.

(iv)          උසස් පෙළ විභා­ගය කල්දැ­මී­මට සිදු වීම. ආහාර සුර­ක්ෂි­ත­තාව සාර්ථක නැත.

(v)           නිවාස විශාල ප්‍රමා­ණ­ය­කට හානි සිදුවී ඇත. තවම එය සිදු වෙමින් පවතී. නාය­යෑම් පස්කඳු කඩා­වැ­ටීම් අඛ­ණ්ඩව සිදු වෙයි.

මෙවර කාල­ගුණ විප­ර්යාස වෙන­දාට වඩා දරුණු බව දැන­ටම පෙනී­ගොස් තිබේ. වැස්ස නිසා අව­තැන්වූ පිරිස ලක්ෂ­ය­කට ආසන්න වෙති. ඒ හැරෙ­න්නට මුළු රටේම දෛනික ජීවි­තය අවුල්වී ඇත. මේ වන විටත් නැත­හොත් අව­තැ­න්වූ­වන්ගේ පොදු ස්ථාන තිස් ගණ­නක් පව­ත්වා­ගෙන යන බව වාර්තා වී ඇත. කුමක් වුව ජීවිත අන­තුරු ගණන ඉතා අඩුය. එය සතු­ටට කාර­ණ­යකි. කාල­ගුණ විප­ර්යා­සය පිළි­බඳ නිල ප්‍රකාශ කිහි­ප­යක් ඉදි­රි­පත් කිරී­මට රජ­යට සම්බන්ධ ආය­තන ක්‍රියා කර ඇත.

(i)            අ.පො.ස. උ/පෙ. විභා­ගය දින තුන­කට අත්හි­ටුවා ඇත. ඒ අනුව 27, 28, 29 දින තුනේ විභා­ගය පැවැ­ත්වෙන්නේ නැත.

(ii)           දිස්ත්‍රික්ක නව­ය­කට පනවා ඇති නාය­යෑමේ අව­දා­නම ඒ අයු­රින්ම ඉදි­රි­ය­ටත් බල­පැ­වැත්වේ.

(iii)          දිව­යිනේ ප්‍රධාන ජලාශ හැත්තෑ තුනක ජල ධාරි­තාව 65%කට වඩා වැඩිවී ඇත. ඒ අනුව වාන් දොරටු විවෘත කිරීම වැඩි­වනු ඇත.

(iv)          ප්‍රදේශ ගණ­නා­ව­කට මි.මී. 200ට අධික වැසි ඉදි­රි­ය­ටත් පව­තිනු ඇත.

(v)           මුහුදු යෑම මුළු­ම­නින්ම අත්හි­ටු­වී­මට තීර­ණය කර තිබේ. මේ අනුව නැවත දැනුම් දෙන­තුරු මුහුදු යෑම තහ­නම්ය.

(vi)          ජලාශ කිහි­ප­යක සිය­ලුම වාන් දොරටු උප­රි­ම­යෙන් විවෘත කර ඇත. මෙලෙස ජලාශ තුළින් නිකු­ත්වන විශාල ජල ධාරි­තාව ගැන ජන­තාව සැල­කි­ලි­මත්ව පසු­විය යුතුය.

(vii)         ඉදි­රි­යේදී ආහාර ද්‍රව්‍ය­වල හිඟ­තා­වක් ඇති­විය හැකිය. වෙළෙ­ඳ­පොළේ ගනු­දෙනු බෙහෙ­වින් අවුල් විය හැකිය. මේ වන විටත් ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල ගනු­දෙනු හරි­යා­කාර ලෙස සිදු­වන්නේ නැත.

(viii)        රජයේ සැල­සුම් ඉදි­රි­පත් කිරීම මෙන්ම අමා­ත්‍යාං­ශ­වල කට­යුතු හා සංව­ර්ධ­නය ප්‍රමාද විය හැකිය.

(ix)          නිෂ්පා­දන කර්මාන්ත, සංචා­රක හෝට­ල්වල තත්ත්වය දුර්වල විය හැකිය. එහි අර්ථය වන්නේ රාජ්‍ය ආදා­යම පහළ යෑමය.

පසු­ගි­යදා ස්පාඤ්ඤයේ ගංව­තු­රක් ඇති විය. ආප­දාව ආරම්භ වූ දින­යේම සිය­දෙ­නෙක් මර­ණ­යට පත්වූහ. විශාල පිරි­සක් අතු­රු­දන් වූහ. අමෙ­රි­කාවේ ජෝර්ජියා ප්‍රාන්ත­යට බලපෑ චණ්ඩ­මා­රු­ත­යෙන් බර­ප­තළ හානි සිදු විය. චීනයේ ප්‍රදේශ රැසක තවම ගංව­තුර, ධාරා­නි­පාත වැසි, නාය­යෑම් පවතී. මේ අතර කාල­ගුණ විප­ර්යාස පිළි­බඳ ජගත් සමු­ළුව මේ දින­ව­ලදී අස­ර්බ­යි­ජා­නයේ බාකු නුව­රදී පැවැ­ත්වෙයි. සමු­ළුව තවම අව­සන් වී නැත. මෙවර සමු­ළුවේ ප්‍රධාන ඉල­ක්කය වී ඇත්තේ ආපදා සහිත රට­ව­ලට ලබා­දිය හැකි ආධාර මුද­ල්වල ප්‍රමා­ණය වැඩි­කර ගැනී­මය. එය දුෂ්ක­රම කාර­ණ­යක් බවත්, බල­වත් රට­වල් ඊට එකඟ නොවන බවත් පෙනී­ගොස් තිබේ. අමෙ­රි­කාව, චීනය, ඉන්දි­යාව වැනි බල­වත් රට­වල් සමු­ළු­වට සහ­භාගි වී නැත. අවා­ස­නා­වන්ත තත්ත්වය වන්නේ කාල­ගු­ණික විප­ර්යා­ස­යට අදාළ බල­වත්ම මිනිස් ක්‍රියා­කා­ර­කම් සිදු­වන්නේ ද චීනය, ඉන්දි­යාව, අමෙ­රි­කාව වැනි රට­ව­ලින්ය.

යක්ෂයා තමන්ගේ නිව­සට කඩා­වැදී දරු­වකු ගිල­ද­මන තුරුම බල­වතා යක්ෂයා ගැන බර­ප­තළ ලෙස කල්පනා කරන්නේ නැත.

 

රන්ජන් අම­ර­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT