Saturday, May 3, 2025
Home » ඊශ්‍රා­යල-හෙස්බුල්ලා සටන් විරා­මය ඇර­ඹෙයි

ඊශ්‍රා­යල-හෙස්බුල්ලා සටන් විරා­මය ඇර­ඹෙයි

by Gayan Abeykoon
November 28, 2024 1:30 am 0 comment

වස­ර­කට වැඩි කාල­යක් පුරා පැවැති ඊශ්‍රා­යල – හෙස්බුල්ලා යුද ගැටු­ම්ව­ලට මඳ විරා­ම­යක් තබ­මින් දෙපා­ර්ශ්වය අතර දින 60ක තාව­කා­ලික සටන් විරාම ගිවි­සුම පෙරේදා පස්ව­රුවේ සිට ක්‍රියා­ත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සටන් විරාම ගිවි­සුම පෙරේදා පස්ව­රුවේ ඊශ්‍රා­ය­ලය, අමෙ­රි­කාව සහ ප්‍රංශය විසින් නිවේ­ද­නය කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉරාන හිත­වාදී සංවි­ධා­න­යක් වන හෙස්බුල්ලා සහ ඊශ්‍රා­ය­ලය අතර පසු­ගිය මාස 14ක කාල­යක් යුද ගැටුම් සිදුවූ අතර, ලෙබ­න­නයේ සිවිල් වැසි­යන් විශාල සංඛ්‍යා­ව­කට මරු කැඳවූ එම යුද ගැටුම් සටන් විරා­මය ප්‍රකා­ශ­යට පත් කර­න­තුරු පැවති බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එම සටන් විරාම ගිවි­සු­මට අදාළ කොන්දේ­සි­යක් හෝ ඉන් කොට­සක් හෙස්බුල්ලා සංවි­ධා­නය උල්ලං­ග­නය කරන්නේ නම් එම මොහො­තේ­දිම යළි ප්‍රහාර ඇරැ­ඹී­මට නොපැ­කි­ළෙන බව ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. දෙර­ටේම අව­තැන්වූ ජන­තා­වට නිරු­ප­ද්‍රි­තව සිය නිවාස කරා යෑමට අවශ්‍ය පසු­බිම සැල­සිම එම සටන් විරාම ගිවි­සු­මෙහි ප්‍රධාන කොන්දේ­සිය වන බව අමෙ­රි­කාව සහ ප්‍රංශය ඒකා­බද්ධ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT