ලෝක ප්‍රකට හෙජ් අරමුදලේ විධායක කළමනාකරු වන ස්කොට් බෙසන්ට් අමෙරිකාවේ නව භාණ්ඩාගාර ලේකම් ධුරයට පත් කිරීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රකෝටිපතියකු වන 62 හැවිරිදි බෙසන්ට් අමෙරිකාවේ කැබිනට් මණ්ඩලයට පළමුවරට එක්වන සමලිංගික ලේකම්වරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ 79 වැනි භාණ්ඩගාර ලේකම් ධුරයට නම් කර ඇති ස්කොට් බෙසන්ට් චීන විරෝධී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි අනාවැකි පළ වී ඇති අතර, ඔහු ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජකයකු සහ භූ දේශපාලනික හා ආර්ථික උපායමාර්ගිකයකු ලෙස ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වසර 2026 ජූලි මස 4 වැනිදාට අමෙරිකානු ඉතිහාසයේ 250 වැනි සංවත්සරය යෙදි ඇති අතර, එම සංවත්සරය ආසන්නයේදී ලොව ප්‍රමුඛතම ආර්ථිකය ලෙස අමෙරිකාව ශක්තිමත් කිරීමට නව භාණ්ඩගාර ලේකම්වරයා සිය දායකත්වය ලබා දෙනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.