Home » හෙජ් අර­මු­දලේ විධා­යක කළ­ම­නා­කරු අමෙ­රි­කාවේ භාණ්ඩා­ගාර ලේකම් ධුර­යට

හෙජ් අර­මු­දලේ විධා­යක කළ­ම­නා­කරු අමෙ­රි­කාවේ භාණ්ඩා­ගාර ලේකම් ධුර­යට

by Gayan Abeykoon
November 28, 2024 1:25 am 0 comment

ලෝක ප්‍රකට හෙජ් අර­මු­දලේ විධා­යක කළ­ම­නා­කරු වන ස්කොට් බෙසන්ට් අමෙ­රි­කාවේ නව භාණ්ඩා­ගාර ලේකම් ධුර­යට පත් කිරී­මට නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රකෝ­ටි­ප­ති­යකු වන 62 හැවි­රිදි බෙසන්ට් අමෙ­රි­කාවේ කැබි­නට් මණ්ඩ­ල­යට පළ­මු­ව­රට එක්වන සම­ලිං­ගික ලේක­ම්ව­රයා ලෙස ඉති­හා­ස­යට එක්වනු ඇතැ­යිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාවේ 79 වැනි භාණ්ඩ­ගාර ලේකම් ධුර­යට නම් කර ඇති ස්කොට් බෙසන්ට් චීන විරෝධී ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කරනු ඇතැයි අනා­වැකි පළ වී ඇති අතර, ඔහු ලොව ප්‍රමු­ඛ­තම ජාත්‍ය­න්තර ආයෝ­ජ­ක­යකු සහ භූ දේශ­පා­ල­නික හා ආර්ථික උපා­ය­මා­ර්ගි­ක­යකු ලෙස ට්‍රම්ප් විසින් හඳු­න්වනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 2026 ජූලි මස 4 වැනි­දාට අමෙ­රි­කානු ඉති­හා­සයේ 250 වැනි සංව­ත්ස­රය යෙදි ඇති අතර, එම සංව­ත්ස­රය ආස­න්න­යේදී ලොව ප්‍රමු­ඛ­තම ආර්ථි­කය ලෙස අමෙ­රි­කාව ශක්ති­මත් කිරී­මට නව භාණ්ඩ­ගාර ලේක­ම්ව­රයා සිය දාය­ක­ත්වය ලබා දෙනු ඇතැයි නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT