Home » ජපා­නයේ පදිංචි මෙරට කාන්තා­වකගෙන් අල්ලස් ඉල්ලූ උප පොලිස් පරී­ක්ෂක ගැන විම­ර්ශ­න­යක්

ජපා­නයේ පදිංචි මෙරට කාන්තා­වකගෙන් අල්ලස් ඉල්ලූ උප පොලිස් පරී­ක්ෂක ගැන විම­ර්ශ­න­යක්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

ජපා­නයේ පදිංචි මෙරට කාන්තා­වක විසින් මහ­නු­වර පොලී­සි­යට කරන ලද පැමි­ණි­ල්ල­කට අදාළ විම­ර්ශන කට­යුතු කඩි­නම් කර දීමට එම කාන්තා­ව­ගෙන් රුපි­යල් ලක්ෂ 2 1/2ක මුද­ලක් ඉල්ලූ බව කියන කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකු සම්බ­න්ධ­යෙන් පොලී­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාව විසින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාට ජපා­නයේ සිට යොමු කරන ලද ලිඛිත පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කර ඇත.

උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඉල්ලූ බව කියන රුපි­යල් ලක්ෂ 2 1/2ක මුද­ලින් අත්ති­කා­ර­මක් ලෙස කාන්තාව විසින් රුපි­යල් 50000ක මුද­ලක් ලබා දී තිබෙන අතර එම මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ද ඇය විසින් පැමි­ණිල්ල සමඟ වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාට යොමු­කර තිබේ.

අදාළ කාන්තාව විසින් ලිපියේ පිට­පත් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාවේ කොම­සා­රි­ස්ව­ර­යා­ටත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති හා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා වෙතත් යොමු කරනු ලැබ ඇත.

පැමි­ණිල්ල කළ කාන්තා­වගේ සැමියා බහු විවා­හ­ර­යක් සිදු­කර ගැනීමේ සිද්ධි­ය­කට අදාළ පැමි­ණිල්ල 2022 අගෝස්තු මස 16 දින සිදු­කර තිබෙන බව ඇය විසින් පොලි­ස්ප­ති­ව­ර­යාට යොමු­කළ ලිපියේ සඳ­හන් කරනු ලැබ තිබේ.

පැමි­ණි­ල්ලට අදාළ විම­ර්ශන උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා අත­ර­මඟ නරත කර තිබිය දී තමන් අදාළ ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට ඍජුව දුර­ක­ත­න­යෙන් කතා­කර සිද්ධිය දැනුම් දුන් බවත් එම අව­ස්ථාවේ ස්ථානා­ධි­ප­ති­ව­රයා මැදි­හත්ව සාධා­ර­ණය ඉටු කළ බවත් ඇය වැඩි දුර­ටත් පැමි­ණිල්ලේ දක්වා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT