30
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික යුවළක් නවාතැන් ගෙන සිටි තල්පේ ප්රදේශයේ හෝටල් කාමරයක සේප්පුවක තැන්පත් කර තිබූ අමෙරිකානු ඩොලර් 3,000ක් සොරාගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හබරාදූව පොලීසිය එම හෝටලයේ කළමනාකරු වන 47 හැවිරිදි පුද්ගලයකු සැකපිට පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත. මේ සොරකම සිදුව ඇත්තේ පසුගිය 11 දා සවස 2.00ත් 25 දා පෙ.වරු 11.00ත් අතර සිය බිරිය සමඟ හෝටල් කාමරයෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ බව රුසියානු ජාතිකයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.