Home » මාව­නැල්ල පොලී­සි­යේදී සැමියා බිරි­යගේ ගෙල කපයි

මාව­නැල්ල පොලී­සි­යේදී සැමියා බිරි­යගේ ගෙල කපයි

by Gayan Abeykoon
November 28, 2024 1:25 am 0 comment

හෙම්මා­ත­ගම විශේෂ - සමන් විජය බණ්ඩාර

සිය බිරි­යට එරෙ­හිව  සැමි­යකු විසින් කළ පැමි­ණි­ල්ලක්  දෙපා­ර්ශ්වය කැඳවා පෙරේදා (26) විභාග කිරී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී මාව­නැල්ල පොලීසි­යේදී සැමියා විසින් බිරි­යගේ ගෙල සහ කට තියුණු ආයු­ධ­ය­කින් කපා තුවාල කර ඇත.

සැමියා විසින් සඟ­වා­ගෙන ආ පේපර් කට­ර­ය­කින් සිදු කළ එම පහ­ර­දී­මෙන් කැපුම් තුවාල ලැබූ  21 හැවි­රිදි බිරිය  මාව­නැල්ල රෝහ­ලට ඇතු­ළත් කිරී­මට පොලීසිය පිය­වර ගෙන 39 හැවි­රිදි  සැමි­යාව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාව­නැල්ලේ පදිංචි එක් දරු මවකි.

මෙම තරුණ බිරි­යව සැමියා විසින් බාහිර පාර්ශ්ව­යන්ට කාල­යක සිට  මුද­ලට අලෙ­වි­කර ඇති බව ද මෙහි දී පොලී­සි­යට අනා­ව­ර­ණය වී තිබේ.

පසු­ගිය 24  වැනි දින දෙදෙනා අතර මේ හා සම්බන්ධ ගැට­ලු­වක් මුල්ක­ර­ගෙන බහින් බස් වීමක් සිදු වීමෙන් අන­තු­රුව ඒ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ලැබී තිබී ඇත.

මෙයට පෙරද බිරිය විසින් සැමි­යාට එරෙ­හිව පැමි­ණි­ල්ලක් කර තිබුණු බවත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පවා සිදු­කර ඇති බවත් පොලී­සිය සඳ­හන් කළේය.

සැමියා විසින් බිරි­යගේ නිරු­වත් ඡායා­රූප ජංගම දුර­ක­ථ­නයේ තබා­ගෙන බිරි­යව බිය ගන්ව­මින් විවිධ පුද්ග­ල­යන්ට අලෙ­වි­කර ඇති බවද පොලී­සි­යට තොර­තුරු ලැබී තිබේ.  ඒ ගැන විම­ර්ශ­න­යක් පවා සිදුවූ බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

සැමියා සිය බිරි­යට එරෙ­හිව මාව­නැල්ල පොලී­සි­යට කළ පැමි­ණි­ල්ලට අනුව දෙදෙ­නාම පොලීසිය වෙත ගෙන්වා ඇත්තේ පැමි­ණිල්ල විභාග කිරී­ම­ටය. එම අව­ස්ථාවේ කඩ­දාසි කපන කටර් තල­යක් හොර රහසේ සඟවා පොලීසි­යට පැමිණි සැමියා විසින් බිරි­යගේ මුඛ ප්‍රදේ­ශයේ සහ ගෙල ප්‍රදේ­ශයේ කැපුම් තුවාල කිහි­ප­යක් සිදු කර තිබේ.

මාව­නැල්ල පොලී­සිය මේ සම්බ­න්ධ­යෙන්  වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT