Home » ලක්ෂ 6ක බී ලූනු ඉස්සූ 12කට ඇප

ලක්ෂ 6ක බී ලූනු ඉස්සූ 12කට ඇප

by Gayan Abeykoon
November 28, 2024 1:22 am 0 comment

කල්පනි අබේ­සිංහ

ලොරි­ය­කින් ප්‍රවා­හ­නය කර­මින් තිබූ රුපි­යල් ලක්ෂ 6කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් බී ලූනු තොග­යක් සොරා­ගත් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පිට­කො­ටුව පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් 12 දෙනකු ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සිංහ මහතා ඊයේ (27) නියෝග කළේය.

කොළඹ 8 බේස්ල­යින් මාවතේ පදිංචි වෙළෙඳ සහා­ය­ක­යකු කළ පැමි­ණි­ල්ලක් අනුව පිට­කො­ටුව පොලී­සිය මඟින් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය කරන ලදි.

එම ලොරියේ රියැ­දුරු සහ සහා­ය­කයා ඇතුළු සැක­ක­රු­වන් දොළොස් දෙනකු මෙලෙස ඇප මත මුදා­හ­රිනු ලැබු­වේය. එම සැක­ක­රු­වන් සමඟ සොරා­ගෙන තිබූ බී ලූනු තොග­යෙන් කිලෝ 970ක් පිට­කො­ටුව සහ අවට  වෙළෙ­ඳ­ස­ල්ව­ලට විකුණා තිබි­යදී පොලී­සිය මඟින් සොයා ගත් බව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

අත්අ­ඩං­ගු­වට පත් වූවන් අතර ව්‍යාපා­රි­ක­යන් සහ නාට්‍ටා­මි­ව­රුන් ද සිටින බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉකුත් 24 වැනිදා පිට­කො­ටුව 5 වන හරස් වීදිය තොග වෙළෙ­ඳ­ස­ල­කට බහා­ලු­මක් සවි කළ ලොරි­ය­කින් රැගෙන ආ බී ලූනු තොග­යෙන් අඩක් තොග වෙළෙ­ඳ­සලේ ගබඩා කර ඉතුරු තොගය මාබෝල ප්‍රදේ­ශයේ ගබ­ඩා­ව­කට රැගෙන යන ලෙස හිමි­කරු දැනුම් දීමෙන් අන­තු­රුව ලොරියේ සහා­ය­කයා සහ රියැ­දුරු එම බී ලූනු තොග­යෙන් කිලෝ 2565ක් මාබෝල කරා යන අත­ර­වා­ර­යේදී විවිධ පුද්ග­ල­යන් වෙත විකුණා ඇති බවට පැමි­ණි­ලි­කරු දැනුම් දුන් බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT