31
පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ සේවයේ නිරතව සිටි සැරයන්වරයකු වස පානය කර සියදිවි හානි කරගෙන ඇත.මේ සැරයන්වරයා පසුගිය 25 වැනිදා නිවාඩු ලැබ උහන පිහිටි නිවසට පැමිණ සිටියදී මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය කියයි.
වයස අවුරුදු 49ක් වන මේ සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් අම්පාර රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි.සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර ඇත.අවසන් කටයුතු අද (28) උහන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.