Home » උප­න්දින සාදයේ කල­හ­කාරී ලෙස හැසි­රුණු දස දෙනාට ලක්ෂ 5 බැගින් ශරීර ඇප

උප­න්දින සාදයේ කල­හ­කාරී ලෙස හැසි­රුණු දස දෙනාට ලක්ෂ 5 බැගින් ශරීර ඇප

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඉ. ජය­කොඩි

උප­න්දින සාද­ය­කට පැමිණ අධික ලෙස මත්පැන් පානය කර වේය­න්ගොඩ නයි­වල ප්‍රදේ­ශයේ හෝට­ල­යක දී කල­හ­කාරී ලෙස හැසි­රුණු බව කියන සැක­ක­රු­වන් දස දෙනෙ­කුට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (26) පස්ව­රුවේ එක් අයෙ­කුට රුපි­යල් ලක්ෂ පහ බැගින් දස දෙනාට කොන්දේසි සහිත රුපි­යල් ලක්ෂ පන­හක ශරීර ඇප නියම කළේය.

දොම්පේ හා යක්කල ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක පදිංචි සැක­ක­රු­වන් දස දෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

රුපි­යල් ලක්ෂ පහක ශරීර ඇප­ව­ලට එක් අයෙ­කුට පුද්ග­ල­යින් දෙදෙනා බැගින් දස දෙනාට පුද්ග­ල­යින් විසි දෙනෙකු අත්සන් කළ යුතු බව­ටද නියෝග කෙරිණි.

වේය­න්ගොඩ නයි­වල ප්‍රදේ­ශයේ හෝට­ල­ය­කට උප­න්දින සාද­යක් සඳහා පැමිණ සාදය පවත්වා රාත්‍රී 11.00 ද පසු­වී­මෙන් පසු­වත් මත්පැන් ලබා­දෙන ලෙසට කර ඇති ඉල්ලී­මක් හෝටල් බල­ධා­රින් විසින් ප්‍රති­ක්ෂේප කිරී­මෙන් අන­තු­රුව හෝට­ලය තුළ කල­හ­කාරී ලෙස හැසි­රුණු බවට ලද පැමි­ණි­ල්ල­කට අනුව වේය­න්ගොඩ පොලී­සිය සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරී­ක්ෂණ පවත්වා සැක­ක­රු­වන් දස දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

වේය­න්ගොඩ පොලී­සියේ පොලිස් පරී­ක්ෂක සුනිල් ප්‍රේම­රත්න මහතා කරුණු දක්ව­මින් මොවුන් දස දෙනා ඇතුළු පිරි­සක් උප­න්දින සාද­යක් සඳහා කලින් වෙන් කර­වා­ගත් පරිදි හෝට­ල­යට පැමිණ කා බී රාත්‍රී එකො­ළහ ද පසු­වී­මෙන් අන­තු­රුව මත්පැන් ලබා­දෙන ලෙසට කර ඇති ඉල්ලී­මක් හෝටල් බල­ධා­රින් විසින් ප්‍රති­ක්ෂේප කිරීම හේතු­වෙන් කල­හ­කාරී ලෙස හැසිරී ඇති බවට පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇති බව පවසා සිටි­යේය.

මොවුන් දස දෙනා අතර එක් පුද්ග­ල­යෙකු භාරයේ බල­පත්‍ර සහිත පිස්තෝල අවි­යක් හා තවත් පුද්ග­ල­යෙකු භාරයේ සෙල්ලම් පිස්තෝ­ල­යක් ද තිබී පොලී­සිය භාර­යට ගෙන ඇති බවත් පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පවසා සිටි­යේය.

මෙහිදී අන­ර්ථ­යක් සිදු කර නොමැති බවට පොලී­සිය කරන ලද කරුණු දැක්වී­ම්ව­ලින් අනා­ව­ර­ණය වීම ද සලකා බලා මහේ­ස්ත්‍රා­ත්ව­රයා එසේ සැක­ක­රු­වන් හට ඇප නියම කළේය.

මෙම නඩුව නැවත කැඳ­වීම 2025.06.05 වන­දාට කල් තැබිණ.

වේය­න්ගොඩ පොලී­සියේ පොලිස් පරී­ක්ෂක සුනිල් ප්‍රේම­රත්න මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT