Thursday, May 8, 2025
Home » සොර­ක­මට ගොස් වෙඩි කෑ අයෙක් රෝහලේ

සොර­ක­මට ගොස් වෙඩි කෑ අයෙක් රෝහලේ

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර

හලා­වත පොලිස් කොට්ඨා­සයේ කොස්වත්ත පොලිස් වස­මට අයත් කිරි­මැ­ටි­යාන, තුලා­වල මාර්ගයේ පිහිටි නිවෙ­ස­කට සොර­කම් කිරී­මට ඇතුළු වූ අය­කුට එම නිවෙසේ හිමි­කරු තැබූ වෙඩි ප්‍රහා­ර­ය­කින් බර­ප­තළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. පෙරේදා (26) අලු­යම 2.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

කිරි­මැ­ටි­යාන, නෙළුම් වැව ජන­ප­දයේ පදිංචි කළු­වාගේ අසිත් මාධව නමැති පුද්ග­ල­යකු මෙසේ තුවාල ලබා රෝහ­ල්ගත කර ඇත. වෙඩි වැදුණු සැක­කරු එම නිවෙ­සට සූක්ෂ්ම ලෙස ඇතුළු වී නිවෙසේ භාණ්ඩ සොරා ගැනී­මට යාමේදී තමාට අයත් බල­පත්‍ර සහිත බෝර 12 ගිනි­අ­වි­යෙන් වෙඩි තැබූ බව නිවෙසේ හිමි­කරු පොලී­සිය හමුවේ පවසා තිබේ. වෙඩි ප්‍රහා­ර­යෙන් සැක­ක­රුගේ වම් බාහු­වට බර­ප­තළ ලෙස තුවාල සිදු වී අධික ලෙස ලේ වහ­නය වී ඇති බවත්, අන­තු­රුව ඔහු 1990 ගිලන් රථ සේව­යට දැනුම් දී මාර­විල මූලික රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රති­කාර ලබා­දී­මෙන් පසු තත්ත්වය බර­ප­තළ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් කොස්වත්ත පොලී­සිය සඳ­හන් කරයි. කොස්වත්ත පොලී­සිය සිද්ධිය සම්බ­න්ධව විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT