නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටුවල්ගොඩ ප්රදේශයේදී අපරීක්ෂාකාරි ලෙස මෝටර් රථයක් පදවමින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු අනතුරට ලක් කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිය ගම්පහ ප්‍රධාන මහේස්ත්රාත් සීලණි පෙරේරා මහත්මිය අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ගෙවන ලෙසද ඇයට නියෝග කළාය.
යක්කල සියනෑ උයන ප්රදේශයේ කාන්තාවක මෙලෙස ඇප මත මුදා හැරිණි. මෙම අනතුරින් වේයන්ගොඩ ප්රදේශයේ තිස්පස් හැවිරිදි එක්දරු පියකු මියගොස් තිබිණ. මහේස්ත්රාත්වරිය විසින් ඇයගේ රියැදුරු බලපත්රය අත්හිටුවීමටද පියවර ගත්තාය.