Home » උකු­ස්සකු පහ­රදී ඇවි­ස්සුණු බඹරු ඇන 18කට තුවාල

උකු­ස්සකු පහ­රදී ඇවි­ස්සුණු බඹරු ඇන 18කට තුවාල

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

පාන­දුර සංචා­රක - සුමිත් ප්රේම­ති­ලක මීගහතැන්න සමූහ

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩු­ව­කට උකු­ස්සකු පහ­ර­දී­මෙන් කූඩුව ඇවි­ස්සී­මෙන් පසු බඹර ප්‍රහා­ර­යට ලක්ව පුද්ග­ල­යන් 18 දෙනකු තුවාල ලබා ඇති පුව­තක් බුල­ත්සිං­හල ඉහළ වෙල්ගම ගම්මා­න­යෙන් වාර්තාවේ.

ප්‍රහා­ර­යට ලක්වූ අට­දෙ­නකු අග­ල­වත්ත පිඹුර ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය. ප්‍රහා­ර­යට ලක්වූ තවත් දස­දෙ­නකු පමණ දේශීය වෙද­කම් කර­මින් සිටින බව ගම්වා­සීහු පව­සති.  සිද්ධිය සම්බ­න්ධ­යෙන් බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය සහ සෞඛ්‍ය අංශ දැනු­ම්වත් කර ඇති බව ගම්වා­සීහු වැඩි­දු­ර­ටත් පැව­සූහ. පිඹුර රෝහ­ලට ප්‍රති­කාර සඳහා ඇතු­ළුවූ දෙදෙ­නකු පිටව ගොස් ඇති බවත්, කාන්තා­වන් තිදෙ­නකු සහ පිරිමි පුද්ග­ල­යන් තිදෙ­නකු ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් රෝහල් ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කළ අතර ඔවුන්ගේ තත්ත්වය එත­රම් බර­ප­තළ නොවන බවද රෝහල් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT