Friday, May 2, 2025
Home » විවෘත වරෙන්තු දහ­යක විත්ති­ක­රු­වෙක් පොලී­සි­යට මාට්ටු

විවෘත වරෙන්තු දහ­යක විත්ති­ක­රු­වෙක් පොලී­සි­යට මාට්ටු

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

වාර­ණ ­ආ­නන්ද ජය­කොඩි

අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් දුටු තැන අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විවෘත වරෙන්තු දහ­යක් නිකුත් කර තිබූ කසිප්පු ජාවා­ර­ම්කාර විත්ති­ක­රු­වකු මාස හය­කට වැඩි කාල­යක් තිස්සේ මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශයේ සැඟවී සිටි­යදී පෙරේදා (26) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව නුංග­මුව පොලී­සිය   පැව­සීය.   එසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ නුංග­මුව පොලිස් වසමේ පදිංචි කසිප්පු ජාවා­ර­ම්ක­රු­වකු බවද පොලී­සිය පැව­සීය. කසිප්පු අලෙවි කිරීමේ චෝදනා යටතේ මොහුට එරෙ­හිව අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රියේ පවරා ඇති නඩු දහ­යක් සඳහා ඇප මත මුදා හැර සිටි­යදී දිගින් දිග­ටම අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී නොසි­ටීම හේතු­වෙන් ඔහු දුටු තැන අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විවෘත වරෙන්තු දහ­යක් නිකුත් කර තිබිණ.   මොහු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා නුංග­මුව පොලී­සිය මාස හය­කට වැඩි කාල­යක් පරී­ක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් එය අසා­ර්ථක වී තිබිණ. මේ අතර පොලිස් විශේෂ කාර්යාං­ශයේ තොර­තු­ර­කට අනුව නුංග­මුව පොලී­සියේ පොලිස් නිල­ධා­රින් පිරි­සක් මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශයේ කරන ලද සෝදිසි මෙහෙ­යු­ම­කදී වරෙ­න්තු­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT