32
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ ගබඩාවක් බිඳ රුපියල් 224,250ක් (දෙලක්ෂ විසිහතරදහස් දෙසීය පනහක්) වටිනා නාඩු සහල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
කිලෝග්‍රෑම් 25ක් බර සහල් උර 25ක්, කිලෝ 50ක් බර සහල් උර 2ක් එලෙස සොරාගෙන ගොස් ඇත. ඉකුත් 25 වැනිදා රාත්‍රී 9.00ත් පෙරේදා (26) පෙරවරු 10.45ත් අතර කාලයේ දී මෙම සොරකම සිදුකර ඇති බව ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. ගබඩාවේ ඉදිරිපස දොර කඩා මෙම සහල් තොගය සොරාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.එම ගබඩාවේ තවත් සහල් තොග ගබඩා කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.