Home » ඒ.ටී.එම්. යන්ත්‍ර­ව­ලට දාන්න ගිය කෝටි හත­හ­මාර සොරා­ගත් රියැ­දුරා හා මිතුරා දැලේ

ඒ.ටී.එම්. යන්ත්‍ර­ව­ලට දාන්න ගිය කෝටි හත­හ­මාර සොරා­ගත් රියැ­දුරා හා මිතුරා දැලේ

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

බැංකු­වල ඒ.ටී.එම්. යන්ත්‍ර­ව­ලට තැන්පත් කිරී­මට රැගෙන යමින් තිබුණු රුපි­යල් කෝටි හත­හ­මා­රක මුද­ලක් මිනු­ව­න්ගො­ඩදී සොරා­ගෙන පලා ගිය රියැ­දු­රාත් ඒ සඳහා ඔහුට සහාය දුන් මිතු­රාත් විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එම අව­ස්ථා­වේදී ඔවුන් දෙදෙනා සතුව තිබී සොරා­ගන්නා ලද මුද­ලින් රුපි­යල් ලක්ෂ 40කට ආසන්න මුද­ලක් සොයා­ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කරනු ලැබුවේ මෙම සැක­ක­රු­වන් දෙදෙනා ඊයේ (27) සවස මිනු­ව­න්ගොඩ යටි­ය­නදී අත්අ­ඩං­ගු­වට ගත් බවට ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශ­යෙන් තමාව දැනු­ම්වත් කළ බවත් ය. සැක­ක­රු­වන් සතුව තිබී රුපි­යල් ලක්ෂ 40කට ආසන්න මුද­ලක් සොයා­ගත් බව සඳ­හන් කළ බවත්, සැක­ක­රු­වන් දෙදෙනා කත­ර­ගම ගොස් මිනු­ව­න්ගො­ඩට පැමිණ සැඟවී සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගත් බවත් එම නිල­ධා­රීන් පැවසූ බව මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ගම්පහ පොලිස් ප්‍රධා­නි­ය­කු­ගෙන් මේ ගැන විම­සී­මේදී ඔහු පැව­සුවේ සෙව­ණ­ග­ලින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ අදාළ සැක­ක­රු­වන් දෙදෙනා නොවන බවය. එසේ නම් අත්අ­ඩං­ගු­වට ගත් එම සැක­ක­රු­වන් දෙදෙ­නාට කුමක් සිදු­වූයේ දැයි කළ විම­සු­මේදී එම උසස් නිල­ධා­රියා සඳ­හන් කරනු ලැබුවේ වැඩක් නොමැති බැවින් එම සැක­ක­රු­වන් දෙදෙනා මුදා හැරිය බවය.    රුපි­යල් කෝටි හත­හ­මා­රක පමණ මුද­ලක් මෙම සැක­ක­රු­වන් දෙදෙනා සොරා­ගෙන ගොස් තිබු­ණද මෙතෙක් සොයා­ගැ­නී­මට පොලී­සි­යට හැකි­යාව ලැබී ඇත්තේ රුපි­යල් කෝටි 04කට ආසන්න මුද­ලක් පමණි. එම මුද­ලින් රුපි­යල් කෝටි තුන­හ­මා­ර­කට ආසන්න මුද­ලක් සොයා­ගනු ලැබුවේ සොර­කම සිදුව පැය 24ක් ගත­ව­න්න­ටත් මත්තෙන් සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට ගනි­මිනි. එම මුදල් එම සැක­ක­රුගේ නි‍ෙවසේ වැඩි පරි­ස්ස­මට සඟවා තිබී ඇත. අන­තු­රුව දිගින් දිග­ටම ප්‍රධාන සැක­ක­රු­වන් දෙදෙ­නාගේ ඡායා­රූප මාධ්‍ය මඟින් පොලී­සිය ප්‍රසිද්ධ කර­මින් ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහාය පැතූහ. ඒ අත­ර­තුර ඔවුන් යාප­නයේ සැරි­ස­රන බවට තොර­තුරු පොලී­සිය සොයා­ගත් අතර ඉන්දි­යා­වට පළා යාමට සූදා­නම් වූ බව කියැ­විනි. ඒ වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 25ක් වැය­කර ඇතත් එය ව්‍යර්ථ වී ඇති බව ද පැවසේ.

රුපි­යල් කෝටි හත­හ­මා­රක මුදල් සොර­කම සිදු­වන්නේ පසු­ගිය 18 වෙනිදා වන අතර සොරා­ගත් මුද­ලින් අඩ­කට ආසන්න මුද­ලක් සොයා­ගැ­නී­මට තවත් ඉති­රිව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT