සුපිරි වෙළෙඳසැලකින් රුපියල් 6000ක් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලා ගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.
සැකකාරිය සමඟ සොරාගෙන තිබූ කිරිපිටි පැකට් දෙකද පොලිස් භාරයට ගෙන ඇත. කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ සුපිරි වෙළෙඳසැලකින් ළදරු කිරිපිටි පැකට් දෙකක් සොරාගත් කාන්තාවක් එයින් පිටවන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමඟම ගල්වලින් පහරදී පලා ගිය බවට කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලබා දුන් තොරතුරකට අනුව කුරුඳුවත්ත රෝහල් චතුරස්රය අසලදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලම්පිටිය සහ කෑගල්ල ප්රදේශවල ලිපිනයන් දෙකක පදිංචි වයස අවුරුදු 32 හැවිරිදි අයෙකි. කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයන්ත, මාලක හා පොලිස් සැරයන් ප්‍රදීප් ප්‍රියන්ත (48144) මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.