කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කොළොන්නාව විසිතුරු මත්ස්‍ය හා ජලජීවී වගාකරුවන්ගේ සංගමය මඟින් සංවිධාන කරනු ලබන දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය නොවැම්බර් 30, දෙසැම්බර් 01 සහ 02 යන දින තුන තුළ බොරැල්ල තැප්‍රොබේන් ශාලාවේදී පැවැත්වේ.
මෙහිදී විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ දේශන, වැඩමුළු, ආනයනික විසිතුරු මත්ස්‍යයන් මිලදී ගැනීමට, පාසල් දරුවන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ අපනයනකරුවන් හමුවීම ආදියටද මෙහිදී අවස්ථාව සැලසේ.
විසිතුරු මත්ස්‍ය උපාංග අලෙවිකරුවන්, විසිතුරු මත්ස්‍ය වගාවේ දැවැන්තයන් හා එක්වීමටත්, ඔවුන්ගේ දැනුම ලබා ගැනීමටත්, මෙම මත්ස්‍ය වගාව සඳහා උනන්දුවක් දක්වන හෝ කර්මාන්තයක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නවකයකුට වුවද ඒ සඳහා ලංකාවේ හොඳම කණ්ඩායම් එකම තැනකින් හමුවීමේ අවස්ථාව ද මෙහිදී සැලසේ. මෙහිදී සබරගමුව විශ්වවිද්‍යාලයේ ජංගම විද්‍යාගාර සේවය තුළින් ඔබගේ මත්ස්‍ය සාම්පලය පරීක්ෂාව හා ජල සාම්පල පරීක්ෂාව ද සිදු කරගත හැකිය. සඳුදා දිනයේදී පාසල් ළමුන් සඳහා නොමිලයේ ඇතුළුවීමට අවස්ථාව සැලසේ.