කොළඹ සහිරා විද්‍යාලීය ආදි ශිෂ්‍ය නායිකන්ගේ සංගමය විසින් 8 වැනි වරට සංවිධාන කරන ‘සහිරා සුපර් 16’ සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන මස 8 වැනිදා පෙ.ව. 8.00 සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
නොලිමිට් ආයතනයේ අනුග්‍රහයෙන් නොලිමිට් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගාවලියට දිවයිනේ පාපන්දු ක්‍රීඩාවේ පෙරමුණු ගත් පාසල් 16ක කණ්ඩායම් සහභාගි වේ.
ඒ අනුව සත්කාරක කොළඹ සහිරා විදුහල සමඟ දාරුස්සලාම් විදුහල, කින්නියා අල් අමීන් මහ විදුහල, කඳාන ද මැසනෝද් විදුහල, එරාවුර් අලිගාර් ජාතික පාසල, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, කොළඹ රාජකීය විදුහල, ගම්පොළ සහිරා විදුහල, කොළඹ සාන්ත බෙනඩික් විදුහල, හමීඩ් අල් හුසෙයිනි විදුහල, කොළඹ සාන්ත ජෝසප් විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, ටී.බී. ජායා සහිරා විදුහල, ධර්ගා නගර සහිරා විදුහල සහ දෝහාහී ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසල යන කණ්ඩායම සහභාගි වෙයි.