Saturday, May 3, 2025
Home » දීඝදන්තුගේ මරණයෙන් රටට මිලියන 90ක පාඩුවක්

දීඝදන්තුගේ මරණයෙන් රටට මිලියන 90ක පාඩුවක්

by chanaka
November 29, 2024 11:16 am 0 comment

දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඇතැම් විදේශීය සංචාරකයන් මෙම හස්තියා නැරඹීම සඳහා විශාල දුරක් ගමන් කරමින් පැමිණෙන බවයි.

කැකිරාව කලාවැව, බළලු වැව, හොරපොළ ප්‍රදේශවල මෙම හස්තියා ජීවත් විය.

ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී හස්තියා මියගොස් සිටියදී පසුගියදා සොයාගැනිණි.

මීට වසර දෙකකට පෙර දීඝදන්ත 2 ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මියගියේය.

දීඝදන්තු 1 සහ දීඝදන්තු 2 යන හස්තීන් දෙදෙනාම කලාවැව ප්‍රදේශයට සංකේත වූ අතර, එම සත්වයන්ගේ සුන්දරත්වය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රසිද්ධ වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT