Home » ABBA Show එකට අපි ගියා – අපි රසවින්දනයක් තියෙන මිනිස්සු

ABBA Show එකට අපි ගියා – අපි රසවින්දනයක් තියෙන මිනිස්සු

by chanaka
November 29, 2024 11:27 am 0 comment

ගල්කිස්ස මහා හෝටලයේ පැවති ABBA උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඊට සහභාගී වී රසවින්දනය සඳහා තාලයක් ඇති මිනිසුන් ලෙස එයට සහභාගී වූ බවයි.

“ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. පරාජයට පත් වූ බලවේග හදන්නෙ මොකක් හරි අල්ලගන්න උත්සාහ කරන්නෙ. ගල්කිස්ස හෝටලයේ ඒක තිබ්බෙ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන්. අගමැති හරිනි අමරසූරිය, සංචාරක ඇමැති විජිත හේරත් ඇතුළු මට ආරාධනා කළා. පක්ෂයේ තවත් අයට ආරාධනා කළා. කිසියම් උත්සවයක් සඳහා සංවිධානයකින් ආරාධනයක් ඇත්නම්, අපි එයට සහභාගි වීමට බැඳී සිටිනවා. විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ඇත්නම්, ඔබ එයට සහභාගී වෙනවා. එහි අපට මේසයක් වෙන් කරලා තිබුණා. ප්‍රවේශ පත්‍රය රුපියල් 50,000ක් වී තිබූ බව ඇත්ත. රුපියල් 30,000, 15,000 සහ 7,500 මිල ගණන්වල ප්‍රවේශපත්‍ර ද තිබුණා. අපි ඒකට සහභාගි වුණා. අපි ඒක රස වින්දා. අපි රසවින්දනයක් මිනිස්සු”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT