Home » අපදාවට ලක් වූවන්ට කඩිනම් සහන දෙන්න මැති ඇමතිවරු උතුරට යයි

අපදාවට ලක් වූවන්ට කඩිනම් සහන දෙන්න මැති ඇමතිවරු උතුරට යයි

by yasara
November 29, 2024 12:25 pm 0 comment

 

 

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 132, 110කට අයත් පුද්ගලයින් හාර 441, 590 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. උතුරු නැගෙනහිර පළාත් වල ජනජීවිතය දැඩි ලෙස පීඩාවට පත් කළ මෙම අපදා තත්ත්වයට නිසා මේ වන විට ජීවිත හානි 13 ක් වාර්තා වී ඇත. ගංවතුරින් විපතටපත් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා දේශපාලන අධිකාරිය ,රාජ්‍ය නිළධාරීන් සහ ජනතාව එක්ව ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙයි

ඇමතිවරුන් ,නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත් වල රාජ්‍ය නිළධාරීන් හා ජනතාව සමඟ එක්ව ආපදා සහන මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටියි.

උතුරු පළාත සඳහා ධිවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ක්‍රියා කරන අතර නැගෙනහිර පළාතේ මෙහෙයුම් කටයුතු ග්‍රාමීය සංවර්ධන සමාජ සවිබලගැන්වීම් පිළිබඳ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

ඊයේ (28) දිනයේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ එක්ව විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවක දී  අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පැවැසූවේ මෙම සාකච්ඡා දී ගනු ලැබූ තීරණ කාර්යයක්ෂමව ක්‍රියාත්මක කීරීමට පියවර ගන්නා ලෙසයි.

ගංවතුරට කොටු වී සිටි පුද්ගලයින් මුදාගැනීම අවසන් වී ඇති බවත් කඳවුරු වල සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.

මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අවශ්‍යතා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස නිළධාරීන්ට මෙහිදී  වැඩිදුර උපදෙස්  ලබා දී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT