Home » කලාවැව තේජවන්තයාට ගමේ අයගෙන් පාංශුකූලයක්

කලාවැව තේජවන්තයාට ගමේ අයගෙන් පාංශුකූලයක්

by chanaka
November 29, 2024 12:57 pm 0 comment

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ හස්තියාගේ මරණයෙන් කම්පාවන ගම්වැසියන් එක්ව පාංශුකූල කටයුතු සිදුකරමින් අවසන් ආගමිකවතාවත් සිදු කර ඇත.

කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඊයේ (28) අලුයම මියගොස් තිබුණි.

උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ වාසභූමිය වූයේ කලාවැව ජාතික උද්‍යානය අවට භූමියයි.

කලාවැව රක්ෂිතයේ විසූ ඇත් පන්තියේ ශරීර ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන්ද එක හා සමාන ඇතුන් දෙදෙනෙකු වාසය කළ බැවින් ඔවුන් ‘දීඝදන්තු 1’ සහ ‘දීඝදන්තු 2’ ලෙසින් හැඳන්වුණි. ඉන් ‘දීඝදන්තු 2’ හස්තියා මීට වසර 05කට පමණ පෙර දැයට අහිමි විය. ඒ තවත් හස්තියකුගේ ප්‍රහාරයක් හේතුවෙනි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ‘දීඝදන්තු 1’ හස්තියා මියයන විට වයස අවුරුදු 45ත්, 50ත් අතර වයසේ පසුවූ බවය.

මේ අතර දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT