Home » විශේෂ කාර්යාලයකට පාර්ලිමේන්තුවෙන් අයදුම්පත් කැඳවයි

විශේෂ කාර්යාලයකට පාර්ලිමේන්තුවෙන් අයදුම්පත් කැඳවයි

by yasara
November 29, 2024 3:20 pm 0 comment

2016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති බව පාර්ලිමේන්තුව විසින් නිවේදනය කර තිබෙයි.

ඒ සඳහා වන අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව පිළියෙළ කළ  යුතුය.

ඒ අනුව  සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 දෙසැම්බර් මස 09 දින හෝ එදිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ  යුතුය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT