Home » ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි

ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි

by yasara
November 29, 2024 3:31 pm 0 comment

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙයි.

පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වෙයි.

එම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත්ට අද සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වන දා දක්වා කල්දැමීය.

එදින අමාත්‍ය විජිත හේරත් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT