Home » පුද්ගලයන් 06 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වෙයි

පුද්ගලයන් 06 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වෙයි

by yasara
November 29, 2024 3:37 pm 0 comment

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඇති වූ මරණයන් පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙයි.

එම ආරවුල හේතුවෙන් පුද්ගලයෙක්ව මරාදමා තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත් වූ විත්තිකරුවන් 06 දෙනෙක්ට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT