Home » ජල මෝටරයේ සැඟවුණු මාරයාට අඹු සැමි යුවළ බිලිවෙයි

ජල මෝටරයේ සැඟවුණු මාරයාට අඹු සැමි යුවළ බිලිවෙයි

by yasara
November 29, 2024 4:23 pm 0 comment

ජල මෝටරයේ වයරය ස්විචයට සවි කිරීමට යාමේදි අඹු සැමි යුවලකට විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත් වී තිබෙයි
මුන්දලම බරණන් කට්ටුව 412 ප්‍රදේශයේ පදිංචි එස්. ඒ. එස්. ස්ටැන්ලි තිලකරත්න (54) හා  එස්. ඒ. චන්ද්‍රිකා මල්කාන්ති (53)  නැමැති තිදරු මව්පියන් මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

මරණයට පත් අඹු සැමි යුවල ඉඩම් හිමි වැවිලිකරුවන් බවත් මොවුන් මුන්දලම නගරයේ වාහන සේදුම් ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බව ද පොලීසිය සදහන් කරයි.

අදාළ වාහන සේදුම් ස්ථානයේ සිට නිවසට පැමිණ ඇති මරණකරු නිවසේ ජල ටැංකියෙ ජලය නොමැති විම හේතුවෙන් මෝටරයේ වයරය ස්විචයක වයරයට ඇමිණීමට යාමේදි විදුලිසර වැදී තිබේ.

ඔහුට විදුලිසර වැදෙන විට  කෑගසා ඇති අතර ඒ සමගම ඔහුගේ බිරිය ද දිව විත් ඔහුගේ අතින් ඇද ඇති අතර ඇයටද මෙහිදී විදුලිසර වැදී ඇත.

මවත් පියාත් විදුලිසර වැදි දඟලමින් සිටියදී ඔවුන් එයින් ඉවත් කිරිමට ගිය ඔවුන්ගේ දියණියටද විදුලිසර වැදි ඇති නමුත් දියණීය එකවර විසිවි යාමේන් පසු ඇය ඇද වැටි කම්පනයට පත්විමත් සමග ඇගේ ජීවිතය බේරි ඇති බව පැවසෙයි.

අදාළ නිවෙස් හිමියා සවි කිරීමට ගිය වයර් ස්ථාන රැසකින් හානි වි තිබු එකක් බවත් ඒ වයරය පුරා ටේප් අලවා තිබි ඇති බවත් පොලිසිය කියයි.

කෙසේ නමුත් පොලිසිය පවසන්නේ කිසිදු ආරක්ෂීත ක්‍රමවේදයකින් බැහැරව මෙම නිවෙස් හිමියා අදාළ වයර් සවිකිරීම සිදුකරන අතරතුර මෙසේ විදුලිසරට ලක්වි ඇති බවය.

සිද්ධියෙන් පසු විදුලිසැර වැදුණු  අඹු සැමි කඩිනමින් මුන්දලම ප්‍රාදේශීය රෝහලට රැගෙන යන අතරතුර ඔවුන් දෙදෙනා මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

අඹු සැමි යුවලගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ පැවැත්විමට නියමිතව තිබු අතර මුන්දල පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් පසු විදුලිසැර වැදුණු  අඹු සැමි කඩිනමින් මුන්දලම ප්‍රාදේශීය රෝහලට රැගෙන යන අතරතුර ඔවුන් දෙදෙනා මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

අඹු සැමි යුවලගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ පැවැත්විමට නියමිතව තිබු අතර මුන්දල පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT