Home » කොළඹට පැය 18 ක් වතුර නැහැ

කොළඹට පැය 18 ක් වතුර නැහැ

by yasara
November 29, 2024 5:08 pm 0 comment

water Cut

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මේ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.

අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශණ නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT