වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ජයන් උඩුගම විසින් ගේය පද රචනය කළ “නුඹ කොහේ ගියේ දැයි බිසවුනේ..” ගීතය පසුගියදා ඔහුගේ යූ ටියුබ් නාළිකාවෙන් අන්තර්ජාලයට එක්කෙරිණි. දේසික කමලාංජන දසනායක විසින් ගීතය ගායනා කළ අතර සංගීතවේදී ආනන්ද වෛද්‍යසේකර මෙය සංගීතවත් කළේය. කවිනු උඩුගම සහ තීක්ෂණී රාජපක්ෂ විසින් රූප රචනය සඳහා දායකත්වය සැපයූහ. ඔබට දැන් මෙම ගීතය වෛද්‍ය ජයන් උඩුගමගේ යූ ටියුබ් නාළිකාව හරහා නැරඹිය හැකියි.
‘සෝලෝ ටවුන්’ 5දා සිට දිවයින පුරා
‘සෝලෝ ටවුන්’ චිත්‍රපටය 5දා සිට LFD, ප්‍රදර්ශන මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වනු ඇත. ආත්මාර්ථකාමී හැඟීම්, පාවාදීම් අත්හැරයෑම් මැද ‘සෝලෝ ටවුන්’ කතා පුවත දිගහැරේ. චතුරංගන ද සිල්වා හා සහන් වික්‍රමආරච්චිගේ සම අධ්‍යක්ෂණයක් වන අතර උදිත කුරේ සහ සෙව්වන්දී වීරසිංහගේ නිෂ්පාදන ක්‍රියාවලියකි. මේ පසුගිය දින පැවැති විශේෂ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථාවයි.
රන්වලගේ 85වැනි ඡන්ම දිනයට වින්දනීය සල්ලාපයක්
ප්‍රවීණ සංගීතඥ අප අතරින් වෙන්ව ගිය ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 27 වැනි දිනට යෙදී තිබුණි.
එබැවින් 2034 වන විට ශ්‍රී ලංකාවේ සංගීත මෝස්තරය කුමක් විය යුතුද යන්න පිළිබඳ, ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණ හා නවීනයන් සමඟ කෙරෙන වින්දනීය සල්ලාපයක් දෙසැම්බර් 03දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙය සංවිධානය කරනු ලබන්නේ, රන්වල පදනමයි.
එදිනට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලයනල් රන්වලයන්ගේ ජීවින තොරතුරු අලළා නිර්මාණය කෙරුණ ‘රන් පියවර’ වාර්තා වැඩසටහන එළිදැක්වීමට නියමිත අතර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් හා ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් ගායනා කරන ‘වෙස් මංගල්‍යය ගීතය’ද මෙහිදී එළිදැක්වීමට නියමිතය.
‘ඉරගිනි මද්දහන’ 01දා සිට ජාතික රූපවාහිනියෙන්
ලලිත් රෝහිත එදිරිසිංහගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ දෙසැම්බර් 01 ඉරිදා සිට සෑම සෙනසුරාදා, ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය ඇරැඹේ. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, අවන්ති අපොන්සු, අනිල් ජයසිංහ, රූපා පතිරණ, නයනා රඹුක්කන, සප්නා පාදුක්ක, චන්දන ඉරුගල් බණ්ඩාර, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදීකා, සුබෝධි ලක්මාලි, රෝහිත මාන්නගේ, දිනේස් විජේසිංහ, සඳරු ධර්මපාල සමඟ තරුවි දෙනෙත්ත්ර, ගඟුලි විජේසූරිය, විහගි තිසාරා, චෙතිය විජේසූරිය රංගනයෙන් එක්වෙති.
තරංගා දිසානායකගේ ‘කඳුළු කුණාටුව’නවකතාව ඇසුරින් ඇය විසින්ම තිර රචනය කරන ලද මෙම ටෙලි නාට්‍යය ඉරෝෂ් කැලුම් විජේසූරියගේ නිෂ්පාදනයකි.
ත්‍රිලක්ෂි චතුරිකාගේ සඳ කිනිත්තක්
වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වන දැනට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ රාජකාරි නියුතු ත්‍රිලක්ෂි චතුරිකාගේ නවතම ගේය පද රචනය වන “සඳ කිනිත්තක්” ගීතය පසුගියදා රූප රචනය සමඟ ජනගත කෙරිණි. මෙය සංගීත අධ්‍යක්ෂණය මාලක රත්නායක විසින් වන අතර ගායනය ඩේසික කමලාංජන දසනායක සමඟ නිසංසලා අනුරාධිගෙනි. රූප රචනය නලෂාන් සංජීවගෙනි.
තුසිත නුවන්ගේ පුංචි කුමාරි ගීතය ජන කරළියට
තුසිත නුවන් බණ්ඩාර ගායනා කළ ‘පාළු සිතට සිසිල ගෙනා පුංචි කුමාරි’ ගීතය පසුගියදා ජනගත කෙරුණි. එළිමහන් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරන දක්ෂ ගායකයෙක් වන තුසිතගේ ගීතයේ පදරචනය ද ඔහු විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එහි තනු නිර්මාණය ඉෂාර අකලංක විසින් සිදු කර ඇත.
‘තාරාවෝ ඉගිලෙති’ 01දා
ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නාට්‍ය නිර්මාණයක් වන ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යය එළැඹෙන 01 දා සවස දර්ශන වාර දෙකක් ලෙසින් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
සිහින නෙළුම් මල් 100
ශමීර නාඔටුන්න තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ සිහින නෙළුම් මල් චිත්‍රපටයේ විජයග්‍රාහී දින 100 සමරන දෙසැම්බර් 01 වන දින සවස 4.30 කොළඹ පී. වී. ආර්. සිනමා ශාලාවේදී සිනමා පටය සඳහා රංගනයෙන් සහ කාර්මික අංශයෙන් සම්බන්ධ වූ සියලුම ශිල්පීන්ගේ දායකත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. හේමාල් රණසිංහ, දුෂේනි සිල්වා, උමාලි තිලකරත්න, වීණා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, ප්‍රියන්ත සෙනෙවිරත්න, මයුර කාංචන, කළණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ලාල් කුලරත්න ඇතුළු පිරිසක් සිහින නෙළුම් මල් රංගනයෙන් සරසා ඇති අතර, කැමරාකරණයෙන් විශ්වජිත් කරුණාරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල ඇතුළු පිරිසක් දායකව ඇති සිහින නෙළුම් මල් වරුණ අරඹගේගේ නිෂ්පාදනයකි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
චමරි හා සංජීවනීගේ චිත්‍ර ප්‍රදර්ශනය

චමරි සහ ඇගේ නිර්මාණ
Introspect නම් චිත්‍ර ප්‍රදර්ශනය චමරි තපස්වරගේ හා සංජීවනී හේවාවිතාරණ යන ශිල්පිනියන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන නිර්මාණ එකතුවකි. නොවැම්බර් 22 සිට 29 දක්වා අංක 302 පාක් රෝඩ් කොළඹ 05 කුරාඩෝ ආට් ස්පේස් (CURADO ART SPACE) හිදී පැවැත්වේ. චමරී තපස්වරගේ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ලෙස මියැදෙන ගැහැනිය – 2001, මගේ ලෝකයේ -2001, දිව්‍යමය ගැහැනියේ 2005, දුර්ගා – 2007, කළු ස්ත්‍රී රූප සහිත නිර්මාණ 2010 හා මල් සමඟ ගැහැනිය 2017 යන චිත්‍ර ප්‍රදර්ශනයන් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පවත්වා ඇත. මෙම ප්‍රදර්ශනයේ කෘති පිළිබිඹුව (REFLECTION) රිෆ්ලෙක්ෂන් ලෙස ඉදිරිපත් කෙරේ.
ඇගේ සිතුවම්වල පිළිබිඹුව ඇයමය. ගැහැනිය, ප්රමුඛ කොට ලිංගිකත්වය, වාණිජත්වය, ආගමිකත්වය සමඟ සුචරිතවාදී සමාජ අවශ්‍යතාවයන්ට ව්‍යුහගත සකස් කරනු ලබන මනස් සහිත ඓතිහාසික පැවැත්මේ ඝට්ටනය ඉදිරිපත් කර ඇත. සංජීවනී හේවාවිතාරණ – 2012 වසරේ ප්‍රංශයේ Raix – on- provencey හි non – Maison Gallary හා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේහි ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන තුනක් පවත්වා ඇත.

සංජීවනී සහ ඇගේ නිර්මාණ
‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ අදයි
කපිල රත්නායක නාට්‍ය නිර්මාණයක් වන ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ අද 29 වැනිදා ප.ව. 3.30 හා ප.ව. 6.45ට දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල්, මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. සාරංග දිසාසේකර, කපිල රස්නායක, දිනක්ෂි ප්‍රියසාද්, අමිල පහතගෙදර රංගනයෙන් එක්වෙති.
‘ශ්‍රී සුදු’ හෙට
සුනිල් සමරකෝන් නවතම නාට්‍ය නිර්මාණයක් වන ‘ශ්‍රී සුදු’ හෙට (30) වැනිදා නාමෙල් මාලීනී පුංචි තියටර් දර්ශන වාර දෙකක් ලෙසින් ප.ව. 03.30ට සහ 6.30ට වේදිකාගත කෙරේ.