Home » මැලේසියාවේ ප්‍රකෝටිපතියා ආනන්ද ක්‍රිෂ්ණන් මිය යයි

මැලේසියාවේ ප්‍රකෝටිපතියා ආනන්ද ක්‍රිෂ්ණන් මිය යයි

by mahesh
November 29, 2024 1:00 am 0 comment

තෙල් වෙළෙඳාමේ සිට මැලේසියාවේ වඩාත්ම සාර්ථකත්වයට පත්වූ ප්‍රකෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන් මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 86 හැවිරිදි වියෙහි පසුවූ ආනන්ද ක්‍රිෂ්ණන් මැලේසියාව ගොඩ නැඟීමේදී අගමැති මහතීර් මොහොමඩ්ගේ සමීපතම මිත්‍රයකු ලෙස කටයුතු කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මැලේසියාවේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා පරිත්‍යාගශිලී ආධාරකරුවකු ලෙස කටයුතු කිරීමෙන් එරට ජනතාව අතර ඉමහත් ගෞරවයට පාත්‍රවී සිටි ආනන්ද ක්‍රිෂ්ණන්ගේ ව්‍යාපාර වපසරිය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත වූ අතර, ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ද කොටස් හිමියකු බව වාර්තා වේ. ක්වාලාලම්පූර් නුවරදී ශ්‍රී ලාංකික මවුපියන්ට දාව උපත ලැබූ ආනන්ද ක්‍රිෂ්ණන් ශ්‍රී ලංකා සම්භවයක් සහිත පුද්ගලයකු ලෙසත්, ඔහු බොදු දහම වැලඳගත් බැතිමතකු ලෙසත් ප්‍රකටය. තායිලන්ත ජාතික කාන්තාවක් සමඟ විවාහ වී සිටි ආනන්ද ක්‍රිෂ්ණන් දියණියන් දෙදෙනකුගේ සහ පුතෙකුගේ ආදරණීය පියකු වන අතර, ඔහුගේ පුතු අජාන් හිමියන් නමින් පැවිදි දිවියට පිවිසි බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT