Home » මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සමග මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සමග මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

by chanaka
November 29, 2024 12:01 pm 0 comment

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් ඉන්දීය නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ, ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීය.

පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

පසුගිය 24 සහ 25 යන දිනයන්වලදී ඉන්දියන් සාගර කලාපයේ මෙම මෙහෙයුම සිදු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT