Home » ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපති ඉංජිනේරු උපාලි රත්නායක

ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපති ඉංජිනේරු උපාලි රත්නායක

by mahesh
November 29, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

සී/ස ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෘත්තීය අත්දැකීම් රැසක් සහිත ඉංජිනේරු උපාලි රත්නායක මහතා පත්කර තිබේ. නව සභාපතිවරයා පසුගියදා (27) කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ රත්නායක මහතා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියක් ද වෙයි. එක්සත් රාජධානියේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සාමාජිකත්වය ලබා තිබෙන ඒ මහතා ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනයේ අධි සාමාජිකත්වය ලබා ඇත. විෂය භාර ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා සහ අමාත්‍යාංශය සමඟ එක්ව අභියෝග ජය ගනිමින් සී/ස ජාතික කඩදාසි සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම තම අරමුණ බව ඒ මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT