Home » ලක්ෂ 17ක විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු

ලක්ෂ 17ක විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු

by mahesh
November 29, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් ලක්ෂ දහ හතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275ක් සිය ගමන් මලු තුළ සඟවා ගෙන, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (28) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචි, මැලේසියාවේ කුලී රැකියාවක මාස 06ක් පමණ නිරත වී සිට මෙරටට පැමිණෙමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ (28) අලුයම 12.30ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ M H – 179 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විද්‍යුත් දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සමඟ ඔහු රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරින් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT