Tuesday, May 6, 2025
Home » ආණමඩුව-හලාවත මාර්ගය පල්ලම පහළයාය ප්‍රදේශයෙන් යට වෙයි

ආණමඩුව-හලාවත මාර්ගය පල්ලම පහළයාය ප්‍රදේශයෙන් යට වෙයි

by mahesh
November 29, 2024 1:00 am 0 comment

ඡායාරූප පුත්තලම අතිරේක -හිරාන් ප්‍රියංකර ජයසිංහ

දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග දැදුරු ඔය පිටාර ගැලීමේන් ආණමඩුව-හලාවත මාර්ගය පල්ලම පහළයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය 28 දින පැවසීය.

දැදුරු ඔය ජලාශයෙ වාන් දොරටු 26 රාත්‍රියේ විවෘත කිරීමත් සමඟ එයින් ගලා ආ තප්පරයට ජල ඝණ අඩි 48000 ක දැවැන්ත ජල කඳ දැදුරු ඔය මතින් ගලා ඒම සිදුවීමත් සමඟ මෙලෙස පල්ලම ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් මාර්ගය යටවිණි.

මෙම මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ පල්ලම මාර්ගයෙ ගමනාගමනයට බාධා එල්ලවු බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .හේරත් මහතා පවසා සිටියෙ මෙම තත්ත්වය මත පල්ලම ප්‍රදේශයෙන් ගමන් කිරීමේදි වාහන රියදුරන් නිසි අවධානය යොමු කළ යුතු බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT