සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පල කළ අකියෝ ඉසොමාටා මහතා මෙරට සෞඛ්‍ය සේවාව තුල “ජයිකා” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් වන පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමේ, ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ, ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ යන ව්‍යාපෘතීන් වල ප්‍රගතිය පිළිබදව සාකච්ඡා සිදු කරන ලදි.
මෙහිදී විශේෂයෙන්ම මහනුවර, කුරුණැගල, අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන රෝහල් වල හෘද කැතීටකරණ එ්කක පිහිටුවීම සහ කෑගල්ල, කුරුණෑගල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල සූර්ය පැනල සවිකිරීම යන ව්‍යාපෘති පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙහිදී වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවයක් සපුරන ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබදවත් මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණය සදහා “ජයිකා” ව්‍යාපෘතිය මගින් සිදු වන සේවාවන්ද සිහිපත් කල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් විධිමත් ලෙස පවත්වාගෙන යාම සදහා ජපාන රජය මෙන්ම “ජයිකා” ව්‍යාපෘතිය ලබා දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සදහන් කරන ලදි.
ජපන් රජය මෙරටට ලබාදෙනු ලබන ව්‍යාපෘතින්, ප්‍රදානයන් නව රජය ජනහිත සුවය සදහාම යෙදවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ධූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී Mr. Naoaki Kamoshida, දෙවන ලේකම්වරුන් ලෙස Mr. Katsuhiro Suzuki, Ms. Sachi Tanaka, ජයිකා ව්‍යාපෘතියේ මෙරට නියෝජිත Mr. Tetsuya Yamada යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.