මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධනයට යොමු කරන ලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ සුළු වැරදිකරුවන් යහ මඟට ගැනීමේ අරමුණින් සංඝයා වහන්සේට දහවල් දානමය පිංකමක් කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත් විණි.
එම දානමය පිංකමින් අනතුරුව එම ප්‍රජා විශෝධකයන්ගේ නැටුම්, ගැයුම්, රැඟුම් ඇතුළත් සෞන්දර්යාත්මක වැඩසටහනක් ද එහිදී පැවැත්විණි. මෙම පිංකම සහ සෞන්දර්යාත්මක වැඩසටහන සිදුවූයේ අධිකරණයෙන් ලද නියෝගයන්ට අනුව බව වාර්තා විණි.
මෙම වැඩසටහන මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන අංශය සහ කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව ජපානයේ දූත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිණි.
මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීම යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරිනියන් වන රංජනී මහසිංහ, මධුවන්ති රූබසිංහ, කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානය භාර නිලධාරී එම්.ඩබ්ලිව්. ජයරත්න, මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ පරික්ෂිකා ගයානී අබේවීර යන මහත්ම, මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.