ළමා අපයෝජනය, මත්ද්‍රව්‍යය නිවාරණය, ළදරු සහ ළමාවියේ දරුවන්ගේ ආරක්ෂාව, රිය අනතුරුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මව්පිය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මොරොන්තුඩුව කලපුගම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම් පරිදි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති එස්. වික්‍රමසිංහ මහතා සහ ප්‍රජා පොලිස් අංශයේ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරී සුමේධා ජයසිංහ මහත්මියගේ සහ කාන්තා අංශයේ ස්ථානාධිපති ආර්. අශෝකා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරුණි.
කලපුගම විද්‍යාලයේ විදුහල්පතිනි ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම මව්පියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.