පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන්ගේ කලා කෞශල්‍යය ප්‍රගුණ කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ‘උරුමයක සොභා’ සංස්කෘතික සාහිත්‍යය කලා මංගල්‍යය 27 වැනි දින සවස පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ග්‍රාම නිලධාරී වසම් හතළිස් හයක කලාකරුවන් සහ කලායතනයන්හි කලාකාමීන් විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය. පාසල් දරුවන් අතර පැවති ගද්‍ය පද්‍ය රචනා ආදී තරඟවලින් ජයග්‍රහණය කළ දරු දැරියන් ඇගයීමද එහිදී සිදු කෙරිණි.
එම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන භාෂා පරිවර්තකයකු වන චූලානන්ද සමරනායක මහතා සාහිත්‍ය දේශනය සිදු කළේය. කොළඹ අතිරේක දිසාපති ඒම්.ඒ.එස්. කාංචනා ගුණවර්ධන, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, එහි සහකාර ප්‍රාදේශීය ලේකම් මධූෂා ආර්. වීරක්කොඩි, සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එච්. දිල්හානි, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ. කලාකරුවන් ඇගැයීමේ අවස්ථාවේදී කලාකරුවෙකු ලෙස විශාල කැපකිරීමක් කල ඩබ්ලිව්. උපාලි ගුණරත්න මහතාට විශේෂ කුසලතා සම්මානයක් ද පිරිනැමීම මෙහිදී සිදු විය.