99
සබරගමුව පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව සංවිධානය කළ දිරි ඇගයුම් සමුපකාර සමිති ඇගයුම් උත්සවයකදී පැල්මඬුල්ල විවිධ සේවා සමුපකාර සමිතියට රීදි පදක්කම හිමි විය.
පැල්මඬුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය පසුගිය වසරක කාලයේදී අත්කරගත් දියුණුව උදෙසා මෙම සම්මානය පිරිනැමීය.
මෙහි රන් සම්මානය කෑගල්ල දිස්ත්‍රික්කයට හිමිවිය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එම සම්මානය පැල්මඬුල්ල විවධ සේවා සමුකාර සමිතියේ සභාපති කුමාර දයාරත්න මහතා ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.