Home » ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

by yasara
November 30, 2024 9:31 am 0 comment

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව ඊයේ 29 වැනි දින ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරුදෙසින්සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 30 දින සවස් කාලයේදීඋතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ වෙත ලඟා වනු ඇත. දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක් තද වැසි ඇතිවිය හැක.

සබරගමුව පළාතේත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද,වයඹ, නැගෙනහිර, මධ්‍යම සහදකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT